ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක තිසර පෙරේරා සහ ඔහුගේ බිරිඳ විසින් ඇති කළ ප්‍රශ්නද තමන්ට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාවෙන් සමුගැනීමට හේතුවක් වූ බව තුන් ඉරියව් ක්‍රිඩක ශෙහාන් ජයසූරිය පවසයි.
“තිසරගේ බිරිඳ මාවයි අනෙක් ක්‍රීඩකයන්වයි කොටවන්න හැදුවා. ඇන්ජෙලෝ මැතිව්ස්වයි මාවයි අතර ප්‍රශ්න ඇති කරන්න හැදුවා. තිසර පෙරේරත් ඒවට අනුබල දුන්නා. ඒත් මම අදටත් දන්නේ නැහැ ඇයි එයාල මට මෙච්චර ප්‍රශ්න ඇති කලේ කියලා” 29 හැවිරිදි ශේහාන් ක්‍රිඩා පුවත්පතක් හා සාකච්ඡාවකට එක්වෙමින් පවසයි.
“ඒ වගේම මම විශ්වාස කරනව මට ජාතික කන්ඩායමේ අවස්ථාව ලැබුන මදියි කියලා. හොඳට තරඟයක් කරල ඊට පස්සේ තරඟයෙන් මාව එලියෙ තිබ්බ අවස්ථා තිබ්බා. ඉතින් මම හිතුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාවෙන් සමුගන්න. මගේ දැන් එකම බලාපොරොත්තුව කොහොම හරි ඇමරිකාවේ ජාතික කන්ඩායම නියෝජනය කිරීම” ශේහාන් වැඩිදුරටත් පවසයි.
ජනප්‍රිය නිළි ඩිලානි අබේවර්ධන සහ ගායක සමන් පුෂ්පවර්ණගේ දියණිය හා විවාහ වී සිටින ශේහාන් ජයසූරිය පසුගිය දා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාවෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කළ අතර මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි වී සිටි.










