අධිශීතකරණවල තිබූ මළසිරුරුවල කොරෝනා වෛරස් සජීවී නැහැ…

අධිශීතකරණවල තිබූ මළසිරුරුවල කොරෝනා වෛරස් සජීවී නැහැ…

අධිශීතකරණයක් තුළ සති කිහිපයක් තැවූ කොරෝනා ආසාදිත මළසිරුරකින් ගත් සාම්පල පරීක්ෂා කරදිදී කොවිඩ් වෛරසය මෘත ශරීර කොටස්වල තිබිය හැකි මුත් ඒවා ජීවී තත්වයේ නැතැයි පොහොට්ටු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ සඳහන් කරයි.

කොවිඩ් – 19 වෛරසය ශරීරගතවූවෙකුගෙන් නිරෝගී අයෙකුට වෛසරය බෝවීමටනම් ජීවි වෛරස් සැලකිය යුතු ප්‍රමාණයක් හුවමාරු විය යුතු බවද මහාචාර්යවරයා පෙන්වා දෙයි.

මියගිය කොවිඩ් ආසාදිතයෙකුගේ සිරුර තුළ පැය කිහිපයක් එම ජීවී වෛරස කොටස් තිබිය හැකි නමුත් මිහිදන් කළ පසු ජලය සමග මුසු වී වෛරසය පැතිර යන බව විද්‍යාත්මකව තවමත් තහවුරු කර නැතැයිද මහාචාර්ය තිස්ස විතාරන පෙන්වා දෙයි.

එම නිසා මෘතදේහයක පවතින කොවිඩ් වෛරස් කොයස් පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

Facebook
Twitter
LinkedIn