ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනපතිවරයෙකු සිය ධූර කාලය තුළදී දෙවතාවක් දෝෂාභියෝගයකට ලක්වූ අපකීර්තිය නායකයා බවට වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පත්ව තිබේ.
තව දින කිහිපයක් පමණක් ජනාධිපති ධූරයේ රැඳී සිටීමට ඉතිරිව තිබියදී ට්‍රම්ප්ට දෝෂාභියෝගයක් එල්ල වූයේ පසුගිය සතියේ කැපිටල් ගොඩනැගිල්ල තුළට පාක්ෂිකයින් කඩාවැදීමට පෙළඹවූ බවට එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කරන ලද චෝදනාව නිසාය.
තව දින 05 ක් පමණක් ඇමරිකාවේ ජනපති ධූරය දරන ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ හැසිරීමට විරෝධය පළකරන පාලක රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිත මන්ත්‍රීමණ්ඩල සාමාජිකයින් දස දෙනෙකුද මෙම දෝෂාභියෝගය ගෙන ඒමට පක්ෂ වීමද විශේෂත්වයකි. දෝෂාභියෝගය ගෙන එනවාද නැද්ද යන්න පිළිබඳව ඊයේ (14) පැවති ඡන්ද විසීමේදී ඊට පක්ෂව 232ක් හා විරුද්ධව 197 ලෙස ඡන්ද හිමිව තිබේ.
මෙම දෝෂාභියෝගය ඉදිරියේදී විභාග වන අතර ට්‍රම්ප්ගේ ජනපති ධූරය අවසන්වූ පසු එය සිදුවනු ඇති බවත් ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩෙන් ලබන සතියේ නව එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත්වන තෙක් සෙනෙට් සභාවේ ඔහුගේ නඩු විභාගය සිදු නොවනු ඇතැයිද එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
සමස්ත ලෝකයට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව පුරසාරම් දොඩවන, ලෝකය ප්‍රජාතන්ත්‍රවාදය ගැන උදාහරණ සපයන ධනවාදී ලෝකයේ බලවතා වන ඇමෙරිකාව තුළ මේ වනවිට බරපතළ දේශපාලන වියවුලක් ඇතිකරමින් තිබේ. ඇමෙරිනු ප්‍රජාතන්ත්‍රවාදයේ සළුව ඉරා දමමින් සැබෑ යක්ෂයාගේ යනු කවරෙක්දැයි ලොවට නිරාවරණය කිරීමට මේ වනවිට ට්‍රම්ප් ජනාධිපතිවරයා සමත්ව තිබේ.
ඇමෙරිකාවේ එෆ්.බී.අයි. ඔත්තු සේවය ප්‍රමුඛ රහස් ඔත්තු සේවා මේ වනවිට අනතුරු අඟවා ඇත්තේ ජනාධිපතිවරණයෙන් තේරීපත් වූ බයිඩෙන් ජනපති ලෙස දිවුරුම් දීම අවුල් කරලීමට ඉදිරි දිනවල එක්සත් ජනපද රාජ්‍ය අගනගර 50 ක විරෝධතා ක්‍රියාකාරකම් සැලසුම් කර ඇති බවයි.










