කොග්ගල වෙළද කලාපයේ තවත් ඇගලුම් කම්හල් දෙකකින් කොවිඩ් – 19 ආසාදිතයින් 22ක් අලුතෙන් හදුනා ගත් බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පවසයි.
මේ බව අනාවරනය වී ඇත්තේ එම කම්හල්වල සේවිකාවන් 105ක් සදහා කරන ලද PCR පරීක්ෂණවලදීය. ඒ අනුව එක් ඇගලුම් කම්හලකින් ආසාදිතයින් 20ක්ද අනිත් කම්හලින් ආසාදිතයින් 02ක්ද හදුනා ගෙන ඇත. ආසාදිතයින් විසිදෙනා හමුවු ඇගලුම් කම්හලින් මීට පෙර තවත් ආසාදිතයින් 07ක් හමුවී තිබිණි.
මේ වනවිට කොග්ගල වෙළද කලාපයේ ඇගලුම් කම්හල් 04කින් කොවිඩ් ආසාදිතයින් 36 දෙනෙකු හමුවි ඇතැයිද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් පැවසීය.
අලුතෙන් හදුනා ගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කරන බවද වෛද්‍ය පමෝද් සිරිවර්ධන වැඩිදුරටත් පවසයි.
1










