පොහොට්ටු පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී මෙන්ම බස්නාහිර මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව නැමැත්තා අලුත්ගම පොලීසිය තුළදී බේරුවල ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේම මන්ත්‍රී නිමල් දේවප්‍රියට පහරදී තිබේ.
ප්‍රදේශයේ ජලනල එලීමට අදාල ගැටළුවක් සම්බන්ධයෙන් එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීරයා අලුත්ගම පොලිසියේ පැමිණිල්ලක් කිරීමට ගොස් ඇති අතර එම අවස්ථාවේම බස්නාහිර පළාත් සභාවේ හිටපු පොහෝට්ටු මන්ත්‍රීද පොලීසියට පැමිණි ඇත. එහිදී දෙදෙනා අතර බහින්බස්වීමක්ද සිදුව තිබේ. එම අවස්ථාවේ ඉතා ආවේගයෙන් හැසිරුණු හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට පහරදී ඇත.
1










