නොකඩවා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග දඹුල්ල අවට ජලාශ හා වැව් වාන් දැමීමට පටන් ගෙන ඇත.
දඹුල්ල කණ්ඩලම වැව අඩියකට වැඩි ප්‍රමාණයක් වාන් දැමීමට පසුගිය 11 වනදා සිට පටන ගෙන ඇත. මේ හේතුව මත දඹුල්ල – වෑවල මාර්ගය වාහන ධාවනය සම්පුර්ණයෙන්ම තාවකාලිකව අත්හිටුවීමට දඹුල්ල පොලිසිය පියවර පහුගිය දිනවල පියවර ගෙන තිබිණි.
මේ අතර දඹුලු ඔය ජලාශයේ වාන් දොරටු තුනක් විවුර්තකර තත්පරයට ඝන අඩි 4,900ක ජල ධාරිතාවයක් කලාවැවට මුදාහැරීමට පියවර ගත් බව වාරි ඉංජිනේරුවරයා පවසයි.
ගලේවෙල, දේවහුව ජලාශය හා වෑඩිල්ල ජලාශයන් දෙකඩ වාන් දැමීමට පටන් ගෙන් ඇති බවද වාරි ඉංජිනේරුවරයා පැවසිය.
9












