ජනපතිගේ ස්ථාවරයත් වරාය විකිණීමයි, ජනපති – වෘත්තීය සමිති සාකච්ඡා අසාර්ථකයි

ජනපතිගේ ස්ථාවරයත් වරාය විකිණීමයි, ජනපති – වෘත්තීය සමිති සාකච්ඡා අසාර්ථකයි

අද (13) පෙරවරුවේ වරාය වෘත්තීය සමිති සහ ජනාධිපති ගෝටාබය රාජපක්ෂ අතර පැවති සාකච්ඡා අසාර්ථක වී ඇතැයි වාර්තාවේ.

ඊයේ මෙම සාකච්ඡාව පෙරවරු 11ට ලබා දී තිබුණත් පසුව හදිසියේම එය පෙරවරු 9.30ට කැඳවනු ලැබ තිබිණි. වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ අරගලයේ වරාය වෘත්තීය සමිති 23ක් තිබුනද මෙම සාකච්ඡාව සඳහා කැඳවා තිබුනේ 11ක් පමණි. මෙම සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයාට අමතරව බැසිල් රාජපක්ෂ, වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර, වරාය අමාත්‍යාංශ ලේකම් යූ.ජී.සී ජයලාල්, වරාය සභාපති ජෙනරාල් දයා රත්නායක යන අයද සහභාගී වූහ.

සාකච්ඡාව ආරම්භ කරමින් ශ්‍රීලනිප වෘත්තීය සමිතිය අදහස් දැක්වීම ආරම්භ කළත් එයට බාධා කරමින් මැදිහත්වූ ජනාධිපතිවරයා විසින් නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කර ඇත. ඒ අනුව ඉන්දියාවේ අදානි සමාගම සඳහා 49%ක කොටස් ලබාදීමේ ආණ්ඩුවේ ස්ථාවරය පිළිගනිමින් කරුණු දක්වන ලෙස වෘත්තීය සමිතිවලට කියා ඇත. කෙසේ වෙතත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව සාකච්ඡාවේ වැඩි කාලයක් ලබාගෙන අදහස් පලකර ඇති අතර වෘත්තීය සමිතිවලට කතාකිරීමට ලබාදී ඇත්තේ ඉතා සුළු කාලයකි.

ඉන්දීය සාගර කළාපයේ පවතින භූ දේශපාලන තත්වය අනුව කොළඹ වරායේ මෙම පර්යන්තය ඉන්දියාවට ලබාදීමට සිදුවන බවට ජනාධිපතිවරයාගේ පැත්තෙන් අදහස් ප්‍රකාශ කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්