ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු 80කට ආසන්න පිරිසක් මේ වනවිට කොවිඩ් – 19 වෛරස් ආසාදිතයින් බවට හඳුනාගනු ලැබ ඇති අතර එවැනි ප්‍රමාණයක් ආසාදිත වීම ජනාධිපති ලේකම් කාර්යාලයට ගැටලුවක් වන බැවින් එම සංඛ්‍යාව අඩු අගයක් බවට පත්කරගැනීම සඳහා එම නිලධාරීන් වෙනත් කාර්යාලවලට ස්ථාන මාරු ලබා දී ඇති බව වාර්තා වේ.
මීට පෙරම ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් 30 දෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වී තිබිණි.
මෙය කොවිඩ් තවත් ව්‍යාප්ත කිරීමට හේතු විය හැකි බවට බිය පල කරන එම නිලධාරීන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් පවසන්නේ මෙය කොරෝනාවලට ආණ්ඩුව සොයා ගත් ‘ස්ථානමාරු (Transfer) ප්‍රතිකාරයක්’ ලෙස හැඳින්විය හැකි බවයි.
මීට පෙර ආණ්ඩුව රටේ ඕනෑම තැනක නිවසේ මරණ සිදුවන අවස්ථාවලදී එම දේහ සඳහා PCR පරීක්ෂණ සිදු කිරීමට තීරණය කළද පසුව කොවිඩ් මරණ සංඛ්‍යාව අවම මට්ටමක පවත්වාගැනීම සඳහා ලොක් ඩවුන් ප්‍රදේශවලින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගේ මරණ පමණක් ලේඛනවලට ඇතුළු කිරීමට කටයුතු කර ඇති බවටද චෝදනා එල්ලවී තිබිණි.










