මහර බන්ධනාගාරය තුළ මියගිය තවත් රැඳවුවන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අද (23) වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
පසුගිය නොවැම්බර් 29 වැනිදා ඇති වූ මෙම සිද්ධිය හේතුවෙන් රැඳවියන් 11 දෙනෙකු මියගිය අතර ඔවුන්ගෙන් සිව් දෙනෙකු වෙඩි වැදී මියගොස් ඇති බව මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබිණි.
මෙම ගැටුම හේතුවෙන් බන්ධනගාර නිළධාරීන් රැඳවියන් ඇතුළු සියයකට අධික පිරිසක් තුවාල ලැබූහ.
මියගිය පුද්ගලයන්ගෙන් 08 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදිනය වී තිබූ බව වාර්තා වී තිබිණි. මේ හේතුවෙන් ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කිරීම ප්‍රමාද වී ඇති අතර අධිකරණ නියෝගයක් මත අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය. එම මළසිරුරු භූමදානය කරන්නේද එසේ නැතහොත් ආදාහනය කරන්නේද යන්න පිළිබඳ තීරණය ලබන 30 වැනිදා දක්වා කල්දමා තිබේ.
0










