මහර බන්ධනාගාරයේ තවත් 54කට කොරෝනා

මහර බන්ධනාගාරයේ තවත් රැඳවුවන් 54 දෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි අද (09) අනාවරණය වී තිබේ.

ඒ පසුගිය සඳුදා එහි රැඳවුවන් 85 දෙනෙකුගේ කරන ලද PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුවය. අද (09) දිනයේද එහි රැඳවුවන් 100 දෙනෙකු PCR පරීක්ෂණවල භාජනය කර ඇත.

මහර බන්ධනාගාරයේ මේ වනවිට රැඳවුවන් 4000කට අධික පිරිසක රඳවා සිටින බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn