කළුතර ප්‍රදේශයක් ලොක්ඩවුන්

කළුතර ප්‍රදේශයක් ලොක්ඩවුන්

කොවිඩ් – 19 ආසාදිතයන් තිදෙනෙකු හමුවීම හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ කළුතර දකුණ පොලිස් කොට්ඨාසයට අයත් කුරේ පාර ප්‍රදේශයට සංචරණ සීමා පණවමින් අගුලු දමා ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ දින කිහිපයකට පෙර එම ප්‍රදේශයේ සිදු කළ PCR පරීක්ෂණවල ප්‍රතිඵල ඊයේ (08) ලැබී ඇති අතර එහිදී ආසාදිතයන් වාර්තාවීම හේතුවෙනි.

එම පුද්ගලයන් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කිරිමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඔවුන්ගේ නිවස්වලට යන අවස්ථාවේ එක් අයෙකු තමන් ආසාදිතයෙකු බව නොදැන කොළඹ ප්‍රදේශයේ පුද්ගලික වෙළඳ ආයතනයක රැකියාව සඳහා ගොස් සිට ඇත.

මෙම පුද්ගලයා මීට පෙර බාලිකා විද්‍යාලයක කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස රැකියාව කරමින් සිටි අයෙකු බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn