මහනුවර මහයියාව ප්‍රදේශයෙන් ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් එකවර හමුවීමත් සමඟ එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම සංචරණ සීමා පනවා අගුලු දමා තිබේ.
මීට පෙර මහයියාව ප්‍රදේශයේ එක් කොටසක පමණක් සංචරණ සීමා පනවා තිබූ අතර ඊයේ (08) ආසාදිතයින් 28 දෙනෙකු හමුවීම හේතුවෙන් එහි අනෙක් ප්‍රදේශත් ආවරණය වන පරිදි සංචරණ සීමා පැනවූ බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න පවසයි.
ඒ අනුව මහනුවර නගර සීමාවේ වැඩි ජනගනත්වයක් පවතින මහයියාව හා බෝගම්බර ප්‍රදේශ දෙකටම මේ වනවිට සංචරණ සීමා පනවා තිබෙන අතර ආසාදිතයින් බහුලව හමුවූ එම ප්‍රදේශවල ජනතාව සෙසු අය සමඟ සම්බන්ද වීම වැලැක්වීමට මෙම පියවර ගෙන අතැයිද නාගරික කොමසාරිස්වරයා සඳහන් කරයි.
176










