දිස්ත්‍රික්ක 04ක ආසාදිතයින් ජීවිතක්ෂයට… මරණ ගණන 94යි…

දිස්ත්‍රික්ක 04ක ආසාදිතයින් ජීවිතක්ෂයට… මරණ ගණන 94යි…

අද (24) දින මේ වනවිට කොවිඩ් – 19 ආසාදිතයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔවුන් සිව් දෙනා කොළඹ 15, ගම්පහ දිස්ත්‍රික්කයේ සියඹලාපේ, කළුතර දිස්ත්‍රික්කයේ අටලුගම සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ ගිනිගත්හේන යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

එම මරණ 04 සමග මෙරට සිදුවූ කොවිඩ් – 19 ආසාදිතයින්ගේ මරණ ගණන 94ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඔවුන් 42, 54, 73 සහ 74 යන වයස්වල පසුවූ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ එක් කාන්තවකි.

Facebook
Twitter
LinkedIn