නාපානේ පේමසිරි හිමියෝ අපවත්වෙති

නාපානේ පේමසිරි හිමියෝ අපවත්වෙති

රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නායක හිමිපාණන් වහන්සේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වූහ.

අපවත් වනවිට උන්වහන්සේ 98 වන වියෙහි පසු වූහ.

අපවත් වී වදාළ අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි මහා නායක ස්වාමීන් වහන්සේ එම නිකායේ මහා නායක ධුරයට පතුවූයේ 2012 සැප්තැම්බර් මස 03දා ය.

අපවත් වනවිට මහනුවර මැණික්හින්න හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති ලෙසද හිමියන් කටයුතු කරනු ලැබූහ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්