එක්සත් රාජධානියේ කාලගුණ විද්‍යා කාර්යාලයට අනුව එල් නිනෝ මගින් “සියවසකට වැඩි කාලයක් තුළ ඇති වූ වඩාත්ම ත්‍රිව තාප උෂ්ණත්වය වාර්තා වීමට නියමිතව ඇති අතර එමගින් විශේෂයෙන් ලොව පුරා ප්‍රබල ප්‍රතිවිපාක ඇති කරනු ඇති බවට අනතුරු හඟවයි. මෙම සුවිශේෂී නිනෝ සංසිද්ධිය මගින් ගෝලීය උෂ්ණත්වයට දැඩි බලපෑම් කළ හැකි අතර 2027 වාර්තා වූ උණුසුම්ම වසර බවට පත් කළ හැකි බවද පෙන්වා දේ. එක්සත් රාජධානියේ කාලගුණ විද්‍යා කාර්යාලයට අනුව, නියඟයේ සිට කුණාටු දක්වා ආන්තික කාලගුණික සිදුවීම් වයඹදිග යුරෝපයේ පවා උත්සන්න වීමට ඉඩ ඇති අතර බටහිර පැසිෆික් කලාපයේ ඒ හා සමාන තත්වයන් නිර්මාණය විය හැකි බවට ද අනතුරු හඟවයි.
“අප මේ දක්වා සිදු කල අනාවැකිවල මම කවදාවත් එවැනි සංසිද්ධියක් දැකලා නැහැ… ශතවර්ෂයකට වැඩි කාලයක් තුළ ඇති වූ දරුණුතම එල් නිනෝ සිදුවීම අපි අපේක්ෂා කරන අතර, එය 3°C ඉක්මවන උපරිමයක් (පැසිෆික් සාගරයේ සමුද්‍ර ප්‍රදේශයක මුහුදු මතුපිට උෂ්ණත්වය ඉහළ යාමේදී) නූතන දේශගුණික වාර්තාවල පෙර නොවූ විරූ දෙයක්,” යයි එක්සත් රාජධානියේ කාලගුණ විද්‍යා කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ හා දිගු දුර අනාවැකි ප්‍රධානී ඇඩම් ස්කයිෆ් බීබීසී වෙත පැවසීය.
බටහිර යුරෝපයේ කුණාටු ද, විශේෂයෙන් නිවර්තන කලාපවල, දකුණු ඇමරිකාවේ සහ බටහිර පැසිෆික් කලාපයේ දැඩි නියඟයන් ඇතිවිය හැකි බවට ඔහු විශේෂයෙන් සඳහන් කළේය. නමුත් නිනෝ මගින් ඇතිවිය හැකි ප්‍රතිවිපාක මෙම ප්‍රදේශවලට පමණක් සීමා නොවේ.
“නොවැම්බර් මාසය දක්වා එක්සත් රාජධානියේ වැඩිවන වර්ෂාපතනය සහ කුණාටු ඇතිවීමේ සලකුණු අපි දැනටමත් දකිමින් සිටිමු,” යයි ඇඩම් ස්කයිෆ් පැවසුවේ මුළු වයඹදිග යුරෝපයටම එය බලපෑ හැකි බවට ද පෙන්වා දෙමිනි.
එල් නිනෝ යනු වෙන් හැඳින් වෙනුයේ දකුණු ඇමරිකාවේ වෙරළට ඔබ්බෙන් පිහිටි සමක පැසිෆික් සාගරයේ මතුපිට ජලය අසාමාන්‍ය ලෙස උණුසුම් වීම මගින් සිදුවන සංලක්ෂිත දේශගුණික සංසිද්ධියකි. එය සෑම වසර 2 සිට 7 දක්වා කාලයකදී සිදු වන අතර සාමාන්‍යයෙන් මාස 9 සිට 12 දක්වා කාලයක් පවතී. සාමාන්‍ය සුළං සහ සාගර ධාරා කඩාකප්පල් කිරීමෙන්, එය ලොව පුරා කාලගුණික රටා වෙනස් කරන අතර සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය තාවකාලිකව ඉහළ නංවයි. මෙම ස්වාභාවික දේශගුණික සංසිද්ධිය, වායුගෝලයේ co² වායු එකතු වීමෙන් සිදුවන සාගර උණුසුම් වීම නිසා සිදුවන අතර අවසාන වශයෙන් වාර්තා වුයේ 2023 ගිම්හානයේ සිට 2024 වසන්තය දක්වා කාලය තුලදීය.
මේ අතර 2026 අගෝස්තු 22 වන සෙනසුරාදා යුරෝපීය කොපර්නිකස් නිරීක්ෂණාගාරය තම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ ගෝලීය සාගර මතුපිට ජලයේ සාමාන්‍ය දෛනික උෂ්ණත්වය එක් දිනක් තුලදී 21.1°C දක්වා ඉහල ගොස් ඇති බවය. එය 2024 මාර්තු මාසයේදී පිහිටුවන ලද පෙර සාමාන්‍ය වාර්ෂික වාර්තාව වන 21.9 බිඳ දමා ඇති බව ද පවසා සිටි. අගෝස්තු 24 වන සඳුදා ප්‍රවෘත්ති නිවේදනය කළ යුරෝපීය කොපර්නිකස් නිරීක්ෂණාගාරය දේශගුණික විපර්යාස සහ එල් නිනෝ සංසිද්ධියේ වර්ධනය මෙයට හේතුවක් විය හැකි බවට පෙන්වා දෙයි. මිනිස් ක්‍රියාකාරකම්, විශේෂයෙන් තෙල්, ගෑස් සහ ගල් අඟුරු දහනය මගින් ජනනය වන අතිරික්ත තාපයෙන් 90% ක් අවශෝෂණය කර ගනිමින් දේශගුණය නියාමනය කිරීමේදී සාගරය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබන නිසා සමුද්‍ර පරිසර පද්ධති සහ වෙරළබඩ ප්‍රජාවන්ට ඇති අවදානම් ද ඉහළ යනු ඇති බවට යුරෝපීය කොපර්නිකස් නිරීක්ෂණාගාරය අනතුරු හඟවයි.
මතුපිට උෂ්ණත්වය මාස කිහිපයක් සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ මට්ටමක පවතින විට, එය කලාපය පුරා තවත් කුණාටු ඇති කරනු ලබන අතර පසුව පෘථිවි වායුගෝලය පුරා ප්‍රතිවිපාක ඇති කරනු ලබයි. එහි ප්‍රතිඵලයක් ලෙස, සමහර ස්ථානවල දේශගුණය උණුසුම් හා වියලි වන අතර අනෙක් ස්ථානවල සිසිල් හා තෙත් වනු ලබන බවද අවසාන වශයෙන් කියා සිටි.










