පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ මෙම ව්‍යවස්ථා සංශෝධනයට දැඩිව විරෝධය පළකරන අතර එම පක්ෂය පෙන්වා දෙන්නේ 19වැනි සංශෝධනය හරහා රටට ලැබුණු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමි කර නැවත විධායකය ශක්තිමත් කිරීමට වත්මන් ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවයි. ඒ හරහා නැවත ඒකාධිපති පාලනයක් කරා රට ගෙනයාමට උත්සාහ කරන බවද ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම මෙම සම්මන්ත්‍රණ මාලාවේ අරමුණ වන අතර එහි පළමු පියවර ලබන 24වැනිදා කොළඹදී පැවැත්වෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.
එමෙන්ම ලබන 27 වනදා මාතරදීත්, 30 වනදා මහනුවරදීත් මෙම සම්මන්ත්‍රණ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතා සහභාගී වීමට නියමිත ය.










