ද්විත්ව පුරවැසි කතාව අපිටත් සැකයි… ඇමතිකම් වැඩිකරගන්න ව්‍යවස්ථාව වෙනස් කිරීම වැරදියි…

ද්විත්ව පුරවැසි කතාව අපිටත් සැකයි… ඇමතිකම් වැඩිකරගන්න ව්‍යවස්ථාව වෙනස් කිරීම වැරදියි…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජිත 20වන සංශෝධන කෙටුම්පත මගින් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් 19වන ව්‍යස්ථා සංශෝධනය මගින් පනවා තිබූ නීති ඉවත් කර ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පැමිණිය හැකි පරිදි නීති ලිහිල් කිරීම සම්බන්ධයෙන් තමන්ටද සැකයක් මතුවන බවත් ඇමති ධුර බලාපොරොත්තුවෙන් සිටින මන්ත්‍රීවරු සඳහා ඇමති ධුර ලබාදිය හැකි පරිදි ඇමති ධුර වැඩිකරගැනීම සඳහා ව්‍යස්ථා සංශෝධන ඉදිරිපත්කිරීම වැරදි බවත් රාජපක්ෂපිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊයේ (19) පවසා තිබේ.

අධිකරණ ඇමති මොහොමඩ් අලි සබ්‍රි මහතා විසින් සකස් කරන ලද 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන නමුත් එය ඒ ආකාරයෙන්ම සම්මත කෙරෙන්නේ යැයි කිසිදු තීරණයක් ආණ්ඩු පක්ෂය තුළ නොමැති බවද මෙහිදී මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

“පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නෙ අධිකරණ ඇමතිවරයා විසින් එතුමා සකස් කරපු කෙටුම්පත. හැබැයි සම්මත වෙන්නෙ ඒ කෙටුම්පතමයි කියලා කිසිම ආකාරයක තීරණයක් නැහැ.

ද්විත්ව පුරවැසිභාවය මුවාවෙන් රටට අහිතකර පුද්ගලයින් පාර්ලිමේන්තුවට ඇතුළුවීම පිළිබඳ යම් යම් සැක සංකා අප තුළත් තියෙනවා. ඇමතිකම් බලාපොරොත්තුවෙලා ඉන්න හින්දා ඒ අයට ඇමතිකම් ලබාදීම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කරන්න රජය උත්හාස ගන්න එක වැරදියි.

ආණ්ඩුව නිසි මගට ගෙන යන්න කටයුතු කරන එක අපේ වගකීමක්” යනුවෙනුයි ඒ මහතා එහිදී සඳහන් කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්