නීතිවිරෝධී ලෙස කහ කිලෝ තිස්තුන්දාහක් (Kg 33,000) නීතිවිරෝධීව රේගුවෙන් පිට කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහකාර රේගු අධිකාරීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධියට අදාළව ඊයේ (18) දිනයේදී පුද්ගලයින් 10 දෙනෙකු බ්ලූමැන්ඩල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
මීට අමතරව කහ තොගය සහිත කන්ටේනර් තුනක් සහ ලොරි හතක්ද කොළඹ වරායේ බ්ලූමැන්ඩල් වාහන අංගනයේදී පොලිස් භාරයට ගෙන තිබී ඇති අතර වීදුරු ගෙන්වන මුවාවෙන් මෙම කහ තොගය ඩුබායි සිට මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.
13










