20න් විගණන කොමිසම අහෝසි කරන්නේ MCC ‍ගේන්නයි

20න් විගණන කොමිසම අහෝසි කරන්නේ MCC ‍ගේන්නයි

විගණන කොමිෂන් සභාව අහෝසි කිරීමට අදාල වගන්ති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ස‍ංශෝධන කෙටුම්පතට ඇතුළත් කර ඇත්තේ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ අවශ්‍යතාවය අනුව බවත් මෙලෙස විගණන කොමිෂන් සභාව අහෝසි කරන්නේ MCC ගිවිසුම අත්සන් කිරීමේ මූලික පියවරක් වශයෙන් බවත් සංවිධාන එකමුතුවේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

රාජ්‍ය ආයතන විගණනය කිරීම අහෝසි කළයුතු බවට අලි සබ්‍රි මහතා දිගින් දිගටම යෝජනා කරන බවත් මෙම යෝජනා පිටුපස තිබෙන්නේ ඇමරිකාවට අවශ්‍ය පරිදි MCC ගිවිසුම අත්සන් කිරීම බවත් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා අවධාරණය කරයි.

MCC ගිවිසුම අත්සන් කළහොත් ඒ යටතේ පිහිටුවීමට නියමිත MCA ශ්‍රී ලංකා සමාගමේ කටයුතු විගණනය නොකළ යුතු බවට වගන්තියක් ඇති බවත් පෙන්වා දෙන වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ, එම ඇමරිකානු වුවමනාව ඉටු කිරීම වෙනුවෙන් අලි සබ්‍රි මහතා රජයට අයත් සියලු සමාගම් විගණනය කළ නොහැකි පරිදි නීති සම්මත කිරීමට උත්සාහ දරන බවයි.

අගමැතිවරයා විසින් පත්කළ කමිටුවද විගණන කොමිසම තවදුරටත් බලාත්මකව පැවතිය යුතු බවට යෝජනා කර තිබිණි. කෙසේ වෙතත් එම කමිටුවේ නිර්දේශ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් ‍කර නොතිබූ අතර 20 වැනි සංශෝධනය දැනට කෙටුම්පත් කර තිබෙන ආකාරයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. මේ වනවිට එය පාර්ලිමේන්තුවේ න්‍යායපුස්ථකයටද ඇතුළත් කර ඇති අතර ලබන 22වනදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද නියමිත ය.

20 පිළිබඳව කාරක සභා විවාදය අවස්ථාවේදී ඊට අවශ්‍ය නම් සංශෝධන එකතු කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයිද මේ අතර වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn