මහ මැතිවරණයට පෙර අගමැතිවරයා පොරොන්දු වූ පරිදි කොළඹ වරායේ නැගෙනහිර ජැටිය කොළඹ වරාය යටතේ වහාම ආරම්භ කළ යුතු බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරිසිංහ මහතා අවධාරණය කරයි.
මෙම ජැටිය පසුගිය යහපාලන ආණ්ඩුව විසින් ඉන්දියාව, චීනය හා ජපානය සමග ඒකාබද්ධ ගිවිසුමක් හරහා විදේශයට පවරාදීමට කටයුතු සූදානම් කළ අතර ඊට එල්ල වූ විරෝධය හමුවේ එය හකුළා ගැනීමට හැකි වූ නමුත් මේ වනවිට නව ආණ්ඩුවද නැගෙනහිර ජැටිය ලංකාවේ සමාගමක් සමඟ ඉන්දියාවට පැවරීමට සූදානමින් සිටින බව සමරසිංහ මහතා පැවසී ය.
පොව පුරා කර්මාන්ත කටයුතු සඳහා විශාල ප්‍රමාණයේ නැව් යොදා ගැනීම අරඹා ඇති මොහොතක මීටර් 18ක් උස නැව් ගෙන ආ හැකි මෙම නැගනෙනහිර ජැටිය ඉට හොඳම උදාහරණය බව පවසන ඒ මහතා මෙවැනි සම්පත් විදේශයකට පවරාදීමට යෑම වහාම තවත්වාලිය යුතු බව කීයයි.
ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාළ ජැටිය ඉදිකළ වසර 05ක් ගතවී ඇතත් දැනට සිදුවන මෙහෙයුම් කටයුතු මෙන් දෙගුණයක මෙහෙයුම් කටයුතු මෙම කොළඹ වරාය නැගෙනහිර ජැටිය හරහා සිදුකරගත හැකිව තිබෙන බවත් තවත් ප්‍රමාණ නොකොට වහාම දොඹකර සවිකර මෙහි වැඩකටවුතු ආරම්බ කළ යුතු බවත් ය.
අනුරාධා හේරත් – මව්බිම










