හිටපු අමාත්‍යවරයෙකු වන දයා ගමගේ මහතාට අයත් “දයා ඇපරල්” ඇඟලුම් කර්මාන්ත සමූහයේ අම්මාපාර ඇතුළු කර්මාන්ත ශාලාවල සේවය කරන සේවක සේවිකාවන් සඳහා මාස ගණනකින් වැටුප් ගෙවා නොමැත.
මෙම සේවක සේවිකාවන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල එදිනෙදා ජීවන කටයුතු මාසික වැටුප් මත සිදුකෙරිණ. මේ නිසා මාස ගණනකින් වැටුප් නොලැබීමෙන් ඔවුන්ගේ පවුල් පිටින් අසරණ භායට පත්ව සිටිති.
මේ වනවිට අම්පාරේ පිහිටි දයා ඇපරල් ඇඟලුම් කර්මාන්ත ශාලාවල වැඩකරන සේවක සේවිකාවන් සඳහා මාස තුනක වැටුප් ගෙවා නොමැති බව අනාවරණය වේ.
පැවති එක්සත් ජාතික පක්ෂය ඇතුළු හවුල් ආණ්ඩුව බිඳවැටීම නිසා මෙම කර්මාන්තශාල සම්පූර්ණයෙන්ම වැසියාමේ අනතුරක්ද මේ වනවිට නිර්මාණය වී ඇතැයි සේවක සේවිකාවෝ පවසති.
75










