කෝටි 100ක් ව්‍යාජ මුදල් නොට්ටු බන්ඩල් 128ක් අත්අඩංගුවට

කෝටි 100ක් ව්‍යාජ මුදල් නොට්ටු බන්ඩල් 128ක් අත්අඩංගුවට

මුදල් නෝට්ටු ලෙස පෙනී යන පරිදි රුපියල් කෝටි 100ක වටිනාකමකට ව්‍යාජ ලෙස සකස් කළ මුදල් නෝට්ටු බන්ඩල් 128ක් සමග සැකකරුවන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා විසින් ඊයේ (17) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මුදල් නෝට්ටු සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේදී මෝටර් රථයක් පරික්ෂා කළ අවස්ථාවේදී ය.

රුපියල් පන්දහසේ නෝට්ටුවක එක් පැත්තක් පමණක් මුද්‍රණය කර එවැනි නෝට්ටු දෙකක් උඩ සහ යට පෙනෙන ආකාරයට තබා සකස් කළ බන්ඩල් 128ක් බෑගයක් තුළ අසුරා ප්‍රවාහනය කරමින් තිබී ඇත.

සැකකරුවන් ජාඇල, අංගොඩ සහ මුල්ලේරියාව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් ගමන් කළ මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් අද (18) අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Facebook
Twitter
LinkedIn