නව පාර්ලිමේන්තුව රැස්වීමේ දිනය ලෙස අගෝස්තු 12 වෙනිදා නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.
ඒ අනුව ලබන 20 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9.30ට නව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
එහිදී රැස්වන පාර්ලිමේන්තුවේ දී පළමුව කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත්කර ගැනීමට නියමිති ය.
අනතුරුව සියලු මන්ත්‍රීවරුන් දිවුරුම හා ප්‍රතිඥාව ලබා දීම සිදුකෙරේ.
27










