සයිප්‍රසයේ සිට මෙරටට ඒමට පැමිණීම සඳහා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයෝ 200කට අධික පිරිසක් තමන්ට පැමිණීම සඳහා ගුවන්යානයක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් ඉල්ලා සටිති.
මෙරටට පැමිණීම සඳහා එරට සිටින ලාංකිකයන් 200කට අධික පිරිසක් කොන්සල් කාර්යාලයේ ලියාපදිංචි වී සිටිතැයි එරට සිටින ලාංකිකයෝ පවසති.
තමන්ට ලංකාවට පැමිණීම සඳහා අදාළ ගුවන්යානයක් සූදානම් කිරීමට කොන්සල් කාර්යාලය මෙතෙක් පියවරගෙන නැතැයිද ඔවූහු චෝදනා කරති.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානාවක් මගින් ලංකාවට පිටත්කර හැරීමට එරට කොන්සල් කාර්යාල නිලධාරීන් මුලින් උත්සාහයක සිටියද මේ වනවිට එම උත්සාහය අතහැර දමා ඇතැයිද ඔවූහු පෙන්වා දෙති.
වෙනත් ගුවන් යානයක් මගින් ශ්‍රී ලංකාවට පැමිණීමට පිරිසක් ටිකට් පත් වෙන්කරවාගෙන ඇති බවත් එම ටිකට් පතක් යූරෝ 350ක මුදල් වනවිට ශ්‍රී ලංකන් ගුවන් ටිකට් පතක් යූරෝ 800ක මුදල් වන බවත් එම ලාංකිකයෝ පෙන්වා දෙති. මෙවන් ආපදා තත්වයක් එපමණ මුදලක් දැරීමට නොහැකි බවත් එවන් මුදලක් තමන් සතුව නැති බවත් ඔවූහු පවසති.
කොරෝනා වෛරසය පැතිරීමට පෙර සිටම ටිකට්පත් වෙන්කරවා ගත් අයද සිටින බවත් විවිධ රෝගාබාධවලින් පෙලෙන්නන්ද තමන් අතර සිටින බවත් පවසන ඔවූහු වැඩිදුරටත් පවසන්නේ තම මව් පියන් මියයාම හේතුවෙන් මව්බිමට පැමිණීමට සූදානමින් සිටින්නන්ද මේ තර වන බව ය.
කටාර් ගුවන් සේවය සමග සාකච්ඡා කර එම ගුවන්යානයක් මගින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි එම පිරිස මෙරට විදේශකටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිති.










