ජාතික ලැයිස්තුවෙන් සජිත්ගේ පක්ෂය අර්බුදයක…

ජාතික ලැයිස්තුවෙන් සජිත්ගේ පක්ෂය අර්බුදයක…

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සම්බන්ධයෙන් එහි හවුල්කාර පක්ෂ අතර අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

ජාතික ලයිස්තුවට පත්කරන අය කඩිනමින් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් පොරොන්දු වූ ආකාරයට සමගි ජන බලවේගය තම පක්ෂවලට ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර ලබා නොදෙන්නේ නම්, රාවුෆ් හකීම් මහතාගේ, රිෂාඩ් බදියුදීන් මහතාගේ සහ තමාගේ පක්ෂයේ මන්ත්‍රිවරු 15 දෙනෙකු සමග ස්වාධීන වන බව මනෝ ගනේෂන් මහතා පවසයි.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ නිසි තීරණය ගැනීම සඳහා සමගි ජන බලවේගයට හෙට (10) දක්වා කල් ලබා දෙන බවය.

Facebook
Twitter
LinkedIn