ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 10දෙනෙක් ප්‍රධාන දේශපාලන රැස්වීමකට සහභාගී වෙලා…

ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 10දෙනෙක් ප්‍රධාන දේශපාලන රැස්වීමකට සහභාගී වෙලා…

මැතිවරණ රාජකාරී සඳහා තෝරාගෙන සිටි ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් 10 දෙනෙකු ප්‍රධාන පක්ෂයක දේශපාලන රැස්වීමකට සහභාගී වී ඇති බවට තමන් වෙත පැමිණිලි ලැබී ඇති බවත් ඒ හේතුවෙන් එම දස දෙනා  ඉවත් කර ඒ වෙනුවට වෙනත් පිරිසක් පත් කළ බවත් නුවරඑළිය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි.

මේ අතර අනිද්දා (05) පැවැත්වෙන ඡන්ද විමසීමට අදාළව ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ කටයුතු හෙට (04) ආරම්භ කරන බවය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරු ප්‍රකාශ කරති.

ජ්‍යෙෂ්ඨ ඡන්ද පොළ ස්ථානාධිපතිවරුන් ඇතුළු මැතිවරණ නිලධාරීන් අනුයුක්ත කිරීම සහ පුහුණු කිරීම මේ වන විට අවසන් අදියරේ පසුවන බවද වාර්තා වේ.

‍හෙට දහවල් 01.00 ට පෙර ඡන්ද මධ්‍යස්ථාන වෙත ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් යොමු කිරීමට නියමිත ය.

Facebook
Twitter
LinkedIn