පුරාවිද්‍යා ආඥාපනත සංශෝධනයට හදිසියේම ජනපති අවධානය යොමු කරයි

පුරාවිද්‍යා ආඥාපනත සංශෝධනයට හදිසියේම ජනපති අවධානය යොමු කරයි

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කළ යුත්තේ කෙසේදැයි අධ්‍යයනයට මහා සංඝරත්නය, විෂය පිළිබඳ විද්වතුන් ඇතුළත් කමිටුවක් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේදී ජනාධිපතිවරයා විසින් මේ තීරණය දැනුම්දි තිබේ.

පැවති රනිල්+මෛත්‍රී පාලන සමයේදී මෙන්ම වත්මන් පාලන රාජපක්ෂ පාලන සමයේදීද පුරාවස්තු විනාශ කිරීම සීග්‍රයෙන් සිදුවෙමින් පවතින අතර ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරානික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම රටේ මහත් ආණ්දෝලනාත්මක තත්වක් ඇති කළ අතර කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

මෙවන් වටපිටාවක් තුළ හදිසියේම මෙම පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජනතාව තුළ සැකයක් මතුව තිබේ.

Facebook
Twitter
LinkedIn