පාසල් සිසුන් ඇතුළු තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු විත්තිකරුවන් 14 දෙනකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් මස 04 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (24) නියෝග කර තිබේ.
චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබේ.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වමින් අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන බවත් ඊට එරෙහිව නීතිපතිවරයා විසින් එම අධිකරණය ඉදිරියේ විරෝධතා ඉදිරිපත් කර තිබෙන බවත් දන්වා ඇත.
10










