ක්‍රිකට් තරඟ පාවාදීම ගැන මහින්දානන්දගේ සාවද්‍ය ප්‍රකාශයට එරෙහිව CIDයට, පොලිස්පතිට පැමිණිලි…

ක්‍රිකට් තරඟ පාවාදීම ගැන මහින්දානන්දගේ සාවද්‍ය ප්‍රකාශයට එරෙහිව CIDයට, පොලිස්පතිට පැමිණිලි…

පසුගිය දිනක හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් 2011 වසරේ පැවති ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන මහතා තරඟය පාවාදීමක් සිදු කළේ යැයි කරනු ලැබූ චෝදනාව සනාථ කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැති බවට ඒ සම්බන්ධව පරීක්ෂණ සිදු කළ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විශේෂ විමර්ශන ඒකකය සඳහන් කළ බැවින්,

ඒ අනුව 2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ අපරාධ වැළැක්වීමේ පනතේ 11 (ඊ) සහ 13 වන වගන්තියට අනුව සාවද්‍ය ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධව හිටපු අමාත්‍යවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සමාජවාදී තරුණ සංගමය, save the sports සංවිධානය එක්ව පසුගි ජූලි මස 06 වන දින ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබූවද,

ඒ සම්බන්ධයෙන් මේ මොහොත වන තෙක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධව සහ හිටපු අමාත්‍යවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සමාජවාදී තරුණ සංගමය විසින් පසුගිය 22 දා පොලිස්පතිවරයා වෙත සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබේ.

මේ සඳහා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක, ජාතික ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එරංග ගුණසේකර සහ ජාතික ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයන් වන නීතිඥ සුනිල් වටගල සහ නීතිඥ සුසන්ත දොඩාවත්ත යන මහත්වරුන්ද සහභාගි වී ඇත.

Facebook
Twitter
LinkedIn