කොළඹ අයි.ඩී.එච් රෝහලෙන් පලා ගොස් සිටි කොරෝනා ආසාදිතයා කොළඹ කොටුවේ (කෙලින් වීථියේ) සිට ජාතික රෝහල තෙක් රැගෙන ගිය ත්‍රිරෝද රථ රියදුරා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට තීරණය කර ඇත.
මේ අතර කොළඹ ජාතික රෝහල අසළ දී සොයා ගත් කොරෝනා ආසාදිතයා නැවතත් කොළඹ අයි.ඩී.එච් රෝහල වෙත ඇතුළත් කර තිබේ.
කොළඹ අයි.ඩී.එච් රෝහලේ සිට එම රෝගියා කොළඹ කෙලින් විථීයට පැමිණ ඇත්තේ කෙසේ දැයි සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
6










