මෙවර මහා මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කාලය ඊයේ (21) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණද පසුගිය මැතිවරණවලට සාපෙක්ෂව තැපැල් ඡන්ද සලකුණු කිරිමේ ප්‍රතිශතයේ අඩු මට්ටමක් පවතින බැවින් තවත් ඉදිරි දින දෙකක් තැපැල් ඡන්දය භාවිතා කිරීම සඳහා අවස්ථාව ලබාදීමටෙ මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
ඒ අනුව ජුලි මස 24 සහ 25 යන දෙදින තුළ තැපැල් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මෙතෙක් සිය තැපැල් ඡන්දය සළකුණු කිරිමට අපොහොසත් වු තැපැල් ඡන්ද හිමියන්ට තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික්යේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ දී ජුලි මස 24 දින පෙරවරු 8.30 සිට පස්වරු 4.00දක්වාත් 25 දින පෙරවරු 8.30 සිට පස්වරු 2.00 දක්වාත් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සලසා දී තිබේ.
22










