කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ මෙහෙයුම් කටයුතු වරාය අධිකාරිය මගින් ආරම්භ කරන්නැයි බල කරමින් වාරා සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා අනාවරණය කරයි.
ඒ අනුව ඊයේ (21) සිට වරාය තුළ කළු සතියක් නම් කළ බවත් අද (22) දහවල් 12ට වරාය චෛත්‍යය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වන බවත් චන්ද්‍රසිරි මහගමගේ මහතා පැවසී ය.
මෙම විරෝධතා සඳහා වරායේ සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධ වී සිටින බවත් නැගෙනහිර පර්යන්තය මෙහෙයුම් කටයුතු වරාය අධිකාරියේ පරිපාලනය යටතේ ආරම්භ කරන බවට පරිපාලනය විසින් සහතික කරන තුරු මෙවර විරෝධතා අඛණ්ඩව කරගෙන යන බවද ඒ මහතා පැවසී ය.
26










