ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරානික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කර වාර්තාවල් ලබා දෙන ලෙස අගමැතිවරයා විසින් පත් කළ කමිටුවේ වාර්තාව අගමැතිවරයාට ගැටළුවන් නොවන ලෙස සකස් කළ යුතුයැයි එම කමිටුවේ ප්‍රධානියෙකු ප්‍රකාශ කර ඇතැයි ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් නායක නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරයි.
පොහොට්ටු පක්ෂයට බලය හිමි කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරන මහතා විසින් මෙම පෞරාණික ගොඩ නැගිල්ල කඩා බිඳ දැමූ බවට ඔහු විසින්ම සිදු කළ මාධ්‍ය සාකච්චා තුළින් මේ වනවිටත් අනාවරණය වී අවසන් ය.
පුරා විද්‍යා පනත අනුවද එවැනි පෞරාණික වටිනාකමක් ඇති ආරක්ෂිත ස්ථානයක් විනාශ කිරීම ඇප නොලැබෙන අත්අඩංගුවට ගත හැකි වරදිකි.
මෙම ගොඩනැගිල්ල කඩා දැමීමට සම්බන්ධ නගරාධිපති තුෂාර සංජීව විතාරන මහතා රාජපක්ෂ පිලේ කුරුණෑගල ප්‍රධානියා ලෙස කටයුතු කරන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ මෙන්ම අග්‍රාමාත්‍ය මහිනද රාජපක්ෂ මහතාගේද සමීපතමයෙකි. ඒ අනුව ඔවුන්ට කිසිඳු අගතියක් නොවන පරිදි මෙම වාර්තාව සැකසීමේ කූඨ උත්සාහයක මෙම කමිටුවේ එක්තරා ප්‍රධානියෙකු දැඩි උත්සාහයක නිරතවන බව වැඩිදුරටත් වාර්තා වේ.










