අඟුලාන පොලිසියට ගල් ගැසුවැයි 10ක් අත්අඩංගුවට

අඟුලාන පොලිසියට ගල් ගැසුවැයි 10ක් අත්අඩංගුවට

පසුගියදා අඟුලාන පොලිසිය විසින් වෙඩි තබා තරුණයෙකු ඝාතනය කිරිමෙන් පසු එම ප්‍රදේශයේ දැඩි නොසන්සුන් තාවයක් හටගෙන තිබූ නමුත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ ඉල්ලීම මත ජනතාව යම් සන්සුන් තත්වයකට පත්වී තිබිණි.

එහෙත් ඊයේ (16) එම ජනතාව, තමන්ට සාධාරණයක් ඉටු නොවූ බව පවසමින් පොලිස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිතරවූ අතර පොලිස්ථානයට ගල්මුල් ප්‍රහාරයක්ද එල්ල කරන ලදී.

එම ප්‍රහාරයට සම්බන්ධ යැයි පවසමින් මේ වනවිට පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් එම පිරිස අතර කාන්තාවන් 07දෙනෙකුද වන බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn