පොහොර හිඟයෙන් මින්නේරියේ ගොවියෝත් දැඩි පීඩාවක

පොහොර හිඟයෙන් මින්නේරියේ ගොවියෝත් දැඩි පීඩාවක

මින්නේරිය ගොවිජනපද ව්‍යාපාරයට අයත් ගොවීන්ට මෙවර යල කන්නය සඳහා වී වගාව සහ ගොඩ බෝග වගාව සඳහා ප්‍රමාණවත් තරම් පොහොර නොමැතිකමින් ගොවීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.

ගොවිජනතාව පවසන්නේ මෙවර යල කන්නය යටතේ අක්කර 25,500කට ජලය නිකුත් කර ඇති බවයි.

එසේම ගොවියෝ 6000කට ආසන්න ප්‍රමාණයක් මෙවර යල කන්නය සඳහා වී වගාව සහ ගොඩ බෝග වගාව සිදුකර ඇති නමුත් වෙලඳපොල තුල පවා පොහොර මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බැවින් පොහොර නොමැතිව වගාව අද වනවිට බාල වී ඇතැයිද ගොවියෝ පෙන්වා දෙති.

මේ හේතුවෙන් මෙවර යල කන්නයේදී 40%ක පමණ අස්වැන්න විනාශ වීමේ අවදානමක් පවතින බව ගොවීහු සැක පළ කරති.

Facebook
Twitter
LinkedIn