ෂීෂෙල්ස් ජාතිකයින් 35ක් ලංකාවට ගෙන එයි…

ෂීෂෙල්ස් ජාතිකයින් 35ක් ලංකාවට ගෙන එයි…

ෂීෂෙල්ස් ජාතිකයින් 35 දෙනෙකු ෂීෂෙල්ස් රාජ්‍යයේ සිට එරට ජාතික ගුවන් සේවයට අයත් එච්.එම් 8360 දරණ විශේෂ ගුවන් යාවයෙන් කටුනායක ගුවන්තොටුපළ හරහා ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බව වාර්තා වේ.

ඔවුන් හදවත් රෝග ඇතුළු විවිධ රෝගාභාධ ඇති පුද්ගලයින් බවත් වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ අදාළ පිරිස මෙරටට ගෙන්වා ප්‍රතිකාර ලබා දෙන්නැයි සීෂෙල්ස් රාජ්‍යයෙන් කළ ඉල්ලීමකට අනුව ඔවුන් පිරිසට මෙරටට පැමිණීමට අවසර ලබාදුන් බවය.

ඔවුන් නිරෝධායනය සඳහා යොමු කිරීමට නියමිත බවද ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කර තිබේ.

Facebook
Twitter
LinkedIn