සෙවනගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ වයස අවුරුදු 13ක මන්දමානසික දැරියක බරපතල ලෙස අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තනමල්විල ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී නාලක රනවීර ගමආරච්චි නැමැත්තා ඇතුළු පස් දෙනෙකු 06 දෙනෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
අදාළ සැකකරුවන් මෙලෙස රක්ෂත බන්ධනාගාර ගතකර ඇත්තේ ඊයේ (09) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේන් අනතුරුව ය.
මාස තුනක් තිස්සේ දින ගණනාවක් අවස්ථා ගණනාවකදී අදාල දැරිය සමුහ ලෙස අපයෝජනයට ලක්කර ඇති බවට ප්‍රදේශවාසීහු පවසති.
මෙම සිද්ධියේ ප්‍රධාන දැකකරු වන පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරයා 47 හැවිරිදි සිව් දරු පියෙකු වන අතර ඔහුට අමතරව වන්නිආරච්චිගේ හින්න, නවරත්න චමින්ද, යන දෙදෙනා සහ 65 හැවිරිදි වියේ පසුවන්නෙකුත් 17 හැවිරිදි ළමුන් දෙදෙනෙකුත් දැරිය අපයෝජනය කිරීමට සම්බන්ධ වී ඇත.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළ පිරිස අතර දැරියගේ ඥාතියෙකුද සිටින බව වාර්තා වේ.











