ලොව පුරා කිතුණු බැතිමතුන් මහ සිකුරාදා සමරති

ලොව පුරා කිතුණු බැතිමතුන් මහ සිකුරාදා සමරති

කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහ සිකුරාදා දිනය අදට (10) යෙදී තිබේ.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයක් මත දිවි පිදීමේ සිදුවීම සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් කිතු සමිඳාණන්ගේ කුරුසවත් යාගය අද දිනයේ සිදුකරයි.

කෙසේවෙතත් මේ දිනවල පවතින කොවිඩ් නයින්ටීන් වෛරස් තත්වය හේතුවෙන් දේවමෙහෙයන් සඳහා සහභාගී නොවී නිවසේ සිට මහ සිකුරාදා දිනය සමරන ලෙස කතෝලික පූජකවරුන් විසින් කිතුණු බැතිමතුන් වෙත දැනුම් දී ඇත.

ඒ අනුව මහ සිකුරාදා දිනය සිහිපත් කරමින් අද දිනයේ දේවස්ථානවල දේව මෙහෙයන් සිදු වන්නේ නැත.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහි කරමින් කිතුණු බැතිමතුහු අළු බදාදායින් ඇරඹුණු දින 40ක් පුරා නිරාහාර ශීලය, දානමාන, කිතු සමිදානන්ගේ කුරුස ගමන සිහිපත් කරන පාද නාමස්කාරයේ නිරතවීම වැනි ආගමික කටයුතුවල නිරත වූහ.

මේ අතර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් පසු උත්ථානය වීම සිහිපත් කිරීම නම් පාස්කු ඉරිදා දිනය ලබන 12 වනදාට යෙදී තිබේ.

Facebook
Twitter
LinkedIn