සංචාරක සහ අපනයන කර්මාන්ත නංවන්න අපට සැලසුමක් නැහැ… එන විදියකට මූණ දෙනවා…

සංචාරක සහ අපනයන කර්මාන්ත නංවන්න අපට සැලසුමක් නැහැ… එන විදියකට මූණ දෙනවා…

කොරෝනා වෛරසය හේතුවෙන් බිඳවැටී ඇති ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සහ අපනයන කර්මාන්ත යළි නඟාසිටුවීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් රජය සතුව නොමැති බවත් ඉදිරි තීන්දු ගැනීමට සිදුවන්නේ ඒ ඒ මොහොතේ මුහුණ දෙන තත්වයන් අනුව බවත් කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මහතා මේ බව පැවසුවේ අද (09) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදිනියක් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“මේක සාමාන්‍යයෙන් අසාමාන්‍ය තත්වයක් නෙ. සාමාන්‍යයෙන් ලෝකෙ මේවගේ එව්වා ලියලා ඉවරවෙලා ඒවට විසඳුමක් නැහැ. මේක සාමාන්‍යයෙන් අසාමාන්‍ය තත්වයක්. එතකොට අසාමාන්‍ය තත්වයට පිළිතුරු සෙවිය යුත්තෙත් ඒ ඇතිවෙන තත්වය එක්ක තමයි ඒ තීන්දු තීරණ. කාටවත් ඒ සඳහා සැලසුමක් නැහැ.

දැන් උදාහරණයක් වශයෙන් දෙවනි ලෝක මහා සංග්‍රාමය සමයෙදි අපේ රටේ අතිමහත් බහුතර පිරිසකට කෑම නැතිවුණා. ඊට වඩා මේ මෑත ඉතිහාසයේ ගත්තොත් කර්මාන්තශාලා, වැඩපොළවල් වහලා, රස්සාව කරමින් හිටි අයගෙ රස්සාව නැතිවෙලා, ජීවිත නැතිවෙලා විවිධ ප්‍රශ්නවලට මුහුණ දුන්නා. යුද්ධෙ තියෙන කාලෙ මායිම් ගම්මානවලට එහෙම කර්මාන්තශාලා පිටින් වහලා රක්ෂා කරමින් හිටි අය රක්ෂා නැති ගොඩට එකතුවුණා. ඉතිං ඒවගේ අවස්ථාවලදි සමහර ප්‍රශ්නවලට විසඳුම් දේශීය වශයෙන් පමණක් සොයාගන්න බැහැ” යැයි ඒ මහතා රහිදී සඳහන් කර තිබේ.

Facebook
Twitter
LinkedIn