අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙක් වාර්තා විමත් සමගම අක්කරපත්තුව නගරයට පැමිණෙන සියලුම මාර්ග පොලිස් මාර්ග බාධක දමා අවහිර කිරිමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
ඒ අනුව අක්කරපත්තුව අම්පාර මාර්ගය අක්කරපත්තුව කල්මුනේ මාරගය, අක්කරපත්තුව පොතුවිල් මාර්ග මුලුමනින්ම වසා දමා තිබෙන අතර අත්‍ය අවශ්‍ය රාජකාරි සදහා පමණක් විවෘත වෙන බව පොලසිය සඳහන් කරයි.
මේ හේතුව නිසා අම්පාර සිට අක්කරපත්තුව වෙත යෑමට නොහැකි අතර අම්පාර සිට කල්මුන දක්වා ගමන් කිරිමට නොහැක.
මෙම කොරෝනා ආසාදිතයා හමුවිමෙන් පසුව ඔහුගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙක් සහ ඔහු සමග කොළඹ සිට පැමිණි වෑන් රථයේ රියදුරැ සමග හය දෙනෙකු ඇතුළු නව දෙනෙක් කොරෝනා ආසාදිතදැයි දැන ගැනිම සදහා පරීක්ෂණ කටයුතුවලට යොමුකර ඇති බව කල්මුනේ නියොජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ගුනසිංහම් සුගුනන් මහතා සදහන් කරයි.
මෙයට අමතර කොරෝනා ආසාදිත වු පුද්ගලයා සමග කටාර් සිට පැමිණි අනෙක් අයගේ ලේ සාම්පල්වල ගැටලුවක් නොමැති වුවත් ඔවුන් තවදුරටත් නිවෙස්වලම නිරෝධායනය සිදුකිරීමට මහජන සෞඛ්‍ය සේවකයින් පියවර ගෙන තිබේ.
කොරෝනා ආසාදිත වු අයගේ බෑනා වන පුද්ගලයා පල්ලිකුඩුඉරිප්පුහි මව්ලවිවරයා වශයෙන් කටයුතු කර ඇති අතර ඇදිරිනීතිය පැනවු 20 දක්වා මෙම පල්ලියේ මෙහයන් පවත්වා තිබේ.
එම අවස්ථාවලට 20ක් පමන සහභාගි වි ඇති අතර එම අවස්ථාවට සහභාගි වු පිරිස් සොයා නිරෝධායනයට ලක් කිරිම සිදුකරමින් පවතින බවද වාර්තාවේ.
අක්කරපත්තුව සහ කල්මුනේ සිට අම්පාරට පැමිණෙන රාජ්‍ය නිළධාරින්ට එම ප්රදේශවලම සිට රාජකාරි කරන ලෙසටද දැනුම් දි තිබේ.
කොරෝනා ආසාදිතයා හමුවූ ප්‍රදේශය මේ වෙනවිට මුලිමනින්ම වසා දමා තිබෙන අතර ඔහුගේ නිවස ජිවාහුනුකරණය කිරීමද සිදුකර ඇත.
අක්කරපත්තුව ප්‍රදේශයේ ආරක්ෂාවට පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය,සහ ශ්රිලංක යුධ හමුදාව යොදා තිබේ.










