කොවිඩ් 19 වයිරසය ආසාදනය වූවකු මන්නාරම, තාරාපුරම් ගම්මානයේ අවමඟුලකට සහභාගීවීම හේතුවෙන් එම අවමංගල්‍ය උත්සවයට සහභාගීවූ වන්නි දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන (මෛත්රීපිලේ) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතාට ස්වයං නිරෝධායනය වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් උපදෙස් ලබාදී තිබේ.
ඉන්දුනීසියාවේ සංචාරය කර පැමිණි පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයකු පසුගිය 18 වැනිදා මන්නාරම තාරාපුරම් ගම්මානයේ අවමඟුලට සහභාගීවී ඇති අතර එම පුද්ගලයාට වයිරසය ආසාදනයවී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව එදින අවමගුලට සහභාගීවු මන්ත්රීවරයාටද මෙලස සිය නිවස තුළ ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැණුම් දී ඇත.
Views: 0










