කොරෝනා වෛරස ව්‍යාප්තිය වැලැක්වීම සඳහා මේ වනවිට පනවා ඇති ඇඳිරි නීතිය තත්වය කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, යාපනය දිස්ත්‍රික්කවල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ සඳහා නැවත දැනුම්දෙන තුරු පැවැත්වෙන බවත් සෙසු දිස්ත්‍රික්ක සඳහා අප්‍රේල් 14 දක්වා බලපැවැත්වෙන බව රජය නිවේදනය කරයි.
සෙසු සියලු දිස්ත්‍රික්කවල අද (09) උදේ 06.00ට ඇඳිරි නීතිය ඉවත් කළ අතර සවස 04.00ට යළි පනවනු ලැබීය.
මේ දිස්ත්‍රික්කවල අද පැනවු ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදේ 06.00ට ඉවත් කොට එදිනම සවස 04.00සිට නැවත ක්‍රියාත්මක කරන බවද ජනාධිපති මාධ්‍ය එක්කය නිවේදනය කරයි.
Views: 0










