මෙරට සිව්වන කොරෝනා ආසාදිතයාත් මියයයි

මෙරට සිව්වන කොරෝනා ආසාදිතයාත් මියයයි

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වූ පුද්ගලයන්ගෙන් තවත් එක් අයෙකු අද (02) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වි ඇති බව වාර්තා වේ.

ඒ අනුව පුද්ගලයන් 04 දෙනෙකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇත.

මෙම පුද්ගලයා 58 හැවිරිදි වියේ පසු වූ පිරිමි පුද්ගලයකු බවත් ඔහු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බවත් වාර්තා වේ.

ඔහු කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසය වැලඳීමෙන් පසු නිව්මෝනියා රෝගී තත්වය උත්සන්න වී මිය ගොස් ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn