ස්වසන රෝග ලක්ෂණ පෙන්නුම කිරීම හේතුවෙන් අනුරාධපුරය මහා රෝහලට යවන ලද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමණාකාරුවෙකු ලෙස සේවය කළ තරුණයාට කොරෝනා හෙවත් කොවිඩ් 19 ආසාධනය වී නොමැති බවට තහවුරු වී ඇතැයි දඹුල්ල මහා නගර සභාවේ නාගරික සෞඛ්‍ය අංශය සදහන් කරයි.
දඹුල්ල ආර්ථිකයේ “ඒ” පෙලේ ෆිහිටි ව්‍යාපාරික පරිශ්රයක සේවය කල 31 හැවිරිදි එම තරුණයා සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස හා උණ රෝග ලක්ෂණ හේතුවෙන් කලුන්දව රජයේ බෙහෙත් ශාලාවට ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවේ එම් රෝගියා දඹුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කිරීමෙන් පසු එම වෛද්‍යවරයා සැකසහිත කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා අනුරාධපුරය මහා රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඉකුත් 31 දින රාත්‍රියේම මාරුකර යවා තිබිණි.
එහිදී සිදුකල වෛද්‍ය පරීක්ෂණවලදී කොවිඩ් 19 වෛරසය ආසාධනය වී නොමැති බවත් ඔහුය වැලඳි ඇත්තේ සාමාන්‍ය ස්වසන ආබාධයක් බවටත් හඳුනාගෙන ඇති බව දඹුල්ල නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා ඊයේ (01) රාත්‍රියේ මාධ්‍ය වෙත අනාවරණය කර ඇත.
අදාල තරුණයා රෝහල් ගත කිරිමත් සමග ඔහු සේවය කළ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික පරිශ්‍රය ජිවනුහරණයට ලක්කර තාවකාලිකව මුදරා තැබීමට හා එහි හිමිකරු හා සෙසු සේවකයින් ස්වයං නිරෝධායන සදහා යොමු කිරීමට පියවර ගැනීමට නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සිතාරා විතානගේ මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය අංශ විසින් පියවර ගන්න ලදී.
මහත් ආන්දෝලනයට තුඩුදුන් මෙම සිද්ධියත් සමග දඹුල්ල නගරය නොසන්සුන්තාවයට පත්වී තිබේ.









