ගොවියාත් පරිභෝගිකයාත් ආරක්ෂා කර සාධාරණ මිලකට එළවළු ලබාදීම සදහා ගොවි බිමට ගොස් එලවලු මිලදී ගන්නා ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ඒ සදහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උපරිම සහයෝගය ආණ්ඩුවට ලබාදීමට ඇති හා එය සම්බන්ධීකරණය සදහා සුදානම් බව එහි ජාතික සන්විධයක නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කරයි.
ගොවි ජනතාවගේ කෘෂි නිෂ්පාදන මිලදී ගැනීමේ විකල්ප ක්‍රමවේදයක් සකස් නොකර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව පවසන නාමල් කරුණාරත්න මහතා පවතින කොරෝනා භීතිය නිසා ගොවි ජනතාව මෙන්ම පාරිභෝගික ජනතාවද දැඩි පිඩාවට පත්ව සිටින මොහොතක ආරථික මධ්‍යස්ථානය වසා දැමීමෙන් ඉදිරියේදී විශාල අරබුදයකට මුහුණදීම නොවැලක්විය හැකි කරුණක් බවද පැවසිය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු පිලිබදව මිට පෙර ජනාධිපතිවරයාගේ අවධානයට ලිඛිතව කරුණු දක්වා තිබු බවත් එම තත්වය යථාර්තයක් බව පසක් කරමින් ආර්ථික මධ්‍යස්ථානය අකර්මන්‍ය ස්ථානයක් බවට පත්ව එළවලු වර්ග අලෙවි කරගත නොහැකිව මිල පහත වැටි ඇති බවත් විශාල අස්වනු ප්‍රමාණයක් විනාශවී යමින් ඇති බවත් ඇතැම් අස්වනු ගොවින් තම නිවෙස් කරා රැගෙනයාමට සිදුව ඇති බව පැවසිය.
එම තත්වය එසේ පැවතියත් පාරිභෝගිකයාට උහුලන්න බැරි මිලකට එළවලු මිලදී ගැනීමට සිදුව ඇති බවද නාමල් කරුණාරත්න මහතා පැවසිය.
ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළුවන වාහන හා පුද්ගලයින් නිසි පරිදි විෂබිජහරණය කිරීම, අත් සේදීම, මුහුණු ආවරණ පැළඳීම ආදී සෞඛ්යාරක්ෂිත උපදෙස් ක්‍රියාත්මක වීම බිඳ වැටි ඇති බවත්, එම් තත්වය නිවැරිදි කිරීමට ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු නොවන බවත් ඒ මහතා පැවසිය.
එසේම ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු අකර්මන්‍ය කර ඇතැම් දේශපාලකයින් විසින් කොරෝනා අස්සේ ගරානා ඉල්ලමක් පාදාගැනීමේ තක්කඩි සැලසුමක් දේශපාලඥයින්ගේ මැදිහත්වීමෙන් කුමන්ත්රනයක් සිදුවෙමින් පවතින බවද එම තත්වය අවබෝධ කරගෙන ආරථික මධ්‍යස්ථානයේ කටයුතු කළමනාකරණය කිරීම සදහා අවශ්‍ය සහාය ලබාදීමට සුදානමක් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.









