මනතිව් ග්‍රාම නිලධාරී කාර්යාලට ගිනි

පුත්තලම , මනතිව් ග්‍රාම නිලධාරී කාර්යාලයේ දේපළ වලට ඊයේ රාත්‍රීයේ කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබේ.

කාර්යාලයේ දොරගුළු කඩා එයට ඇතුළු වූ අදාළ පිරිස කාර්යාලයේ තිබූ ලිපි ගොනු වලට ගිනි තබා විනාශ කර තිබේ.

ග්‍රාම නිලධාරීවරයා සමඟ පැවති අමනාපයක් හේතුවෙන් මෙය සිදු වී ඇත්ද යන්න පිළිබඳව ද පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

Facebook
Twitter
LinkedIn