රාජපක්ෂ මණ්ඩලයේ ගිනි පිපිරෙයි

 

අමාත්‍යමණ්ඩල සංශෝදනය පිළිබද දේශපාලන ආන්දෝලනයට හේතුවී ඇත්තේ රාජපක්ෂවරුන් අතර පවතින බල අරගලය පුපුරායාම බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි. මේ වන විට ඌවපලාත් මහඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විදේශගතවී ඇත්තේ ජනධිපතිවරයා සමග අමනාපයකින් බවද හෙලිවේ.

බල අරගලයට මූලික වී තිබෙන්නේ නාමල් රාජපක්ෂ මහතා වෙගයෙන් ඉදිරියට ගැනීමේ ක්‍රියාවලියයි. මෙයට එරෙහිව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් ලබාදෙන ලෙස හෝ කතානායක චමල් රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබාදෙන ලෙස දැඩි බලබෑමක් ජනාධිපතිවරයාට එල්ලවී ඇති බව වැඩිදුරටත් වාර්ථා වෙයි.

උද්ගතවී ඇති මෙම තත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ බොහෝදෙනෙකු දැඩි නිහඩ පිළීවෙතක් අනුගමනය කිරීමට තීරනයකර ඇති බව හෙලිවේ. කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයෙකු පොලොන්නරුවේ ජ්‍යෙෂ්ඨයෙකුට පවසා ඇත්තේ ”ඕක ඔහොම වෙන බව අපි දන්නවා, ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසදාගන්නකං අපි බලා ඉමු” යනුවෙණි. මේ අතර රාජපක්ෂ ප්‍රබලයෙකු ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය පිළිබද තොරතුරු ජනමාධ්‍යවෙත ලබාදීමේ සියම් වැඩපිළිවෙලක්ද ආරම්භකර ඇත.

ආරංචි මාර්ග හෙළිකරන ආකාරයට රාජපක්ෂවරු අතරේ මෙම පිපිරීම ආරම්භවී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 08 වෙනිදා කොලොන්නාවේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාව දුමින්ද සිලිවා මන්ත්‍රීවරයා ඇතුළු පිරිස විසින් ඝාතනය කිරීමත් සමගය.

 

Facebook
Twitter
LinkedIn