රථ වාහනවලින් නිකුත් කෙරෙන අධික නලා ශබ්දය පාලනය කිරීම සඳහා නව නීති රෙගුලාසි පැනවීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත.
ඒ අනුව වාහනයක් ගමන් කරන හා නවතා ඇති ඕනෑම අවස්‌ථාවකදී මීටර් 2 ක් ඇතුළත ඩෙසිබල් 105 කට සහ මීටර් 7 ක් ඇතුළත ඩෙඩිබල් 93 කට වැඩි ශබ්දය පිට කිරීම තහනම්ය.
නව රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චරිත හේරත් මහතා පුවත් පතකට පවසයි.
මීට අමතරව සයිලන්සරයෙන් නැගෙන ශබ්දය පාලනය සඳහා නව නීති රීති පද්ධතියක් ලබන මස සිට ගෙන ඒමට රජය සුදානම් වන බවද වාර්ථාවෙයි.
4









