හින්දු බැතිමතුන්ගේ අලූත් අවුරුද්ද උදාවන්නේ පැරණි අවුරුද්දේ කළ ප‍්‍රාර්ථනා ඉටු නොවී තිබියදී නම් ගෙවී ගිය අවුරුද්දේ ප‍්‍රශ්නවලට අමතරව අලූත් ප‍්‍රශ්න ද සමගනම් ඒ ගැන මේ අවුරුද්දේ ගැඹුරින් කල්පනා කළ යුතුවේ. නව වසර ජයග‍්‍රාහී වසරක් කර ගැනීම සඳහා කැපවීමෙන් හා ධෛර්යෙන් අභියෝග ජයගැනීමට අරගල කළ යුතුවේ. යනුවෙන් සදහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ තෛපොංගල් දින පණිවිඩයේ සදහන්ව ඇත.
ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එම පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා විසින් එවා ඇති එම පණිවිඩයේ වැඩිදරටත් මෙසේ සදහන් වේ.
අද තෛපොංගල් දිනයයි. හින්දු දින දර්ශනයට අනුව අලූත් අවුරුද්ද ආරම්භ වන්නේ අද දිනයේ සිටය.
හැම විටම අලූත් අවුරුද්දක් යනු අලූත් බලාපොරොත්තුවකි. අලූත් අවුරුද්දේ ආරම්භය යනු ජයගැනීමට නොහැකි වූ අභියෝග ජය ගැනීම පිළිබඳ, විසඳා ගැනීමට නොහැකි වූ අර්බුද විසඳා ගැනීම පිළිබඳ බලාපොරොත්තු අලූත්වන මොහොතකි.
එහෙත් හින්දු බැතිමතුන්ගේ අලූත් අවුරුද්ද උදාවන්නේ පැරණි අවුරුද්දේ කළ ප‍්‍රාර්ථනා ඉටු නොවී තිබියදී නම් ගෙවී ගිය අවුරුද්දේ ප‍්‍රශ්නවලට අමතරව අලූත් ප‍්‍රශ්න ද සමගනම් ඒ ගැන මේ අවුරුද්දේ ගැඹුරින් කල්පනා කළ යුතුවේ. නව වසර ජයග‍්‍රාහී වසරක් කර ගැනීම සඳහා කැපවීමෙන් හා ධෛර්යෙන් අභියෝග ජයගැනීමට අරගල කළ යුතුවේ. අලූත් ඇසකින් ජීවිතය දෙසත් සමාජය දෙසත් බලා අලූත් මගක යාමට අදිටන් කර ගත යුතුවේ.
වසර තිහකට ආසන්න කාලයක් පැවති යුද්ධය අවසන් වී වසර දෙකහමාරකට වැඩි කාලයක් ගත වී ඇතත් විශේෂයෙන්ම හින්දු භක්තික දෙමළ ජනතාවට අලූත් ජීවිතයක් ලැබී නැත. දෙමළ තරුණ තරුණියෝ දහස් ගණනක් අත්අඩංගුවේ වෙති. එපමණක් නොව, ඝාතන හා පැහැර ගැනීම් පිළිබඳ නිරන්තරයෙන් වාර්තා වෙමින් පවතී. යුද්ධය නිමා වීමෙන් පසුව, දෙමළ ජනතාව බලාපොරොත්තු වූ අලූත් ජීවිතය ලබාදීමට පාලකයින් සමත් වී නැත.
එවැනි තත්වයක් තුළ උදා වන නව වසර අලූත් සිතුවිලි සමග අලූත් මගක යාම ආරම්භ කිරීම ඉතාම වැදගත් බව ජනතා විමුක්ති පෙරමුණේ විශ්වාසයයි. ලබන වසරේදී අලූත් දෙයක් කතා කිරීමට නම් මේ දුෂ්ට ක‍්‍රමය වෙනස් කළ යුතුය. ඊට මග පෙන්වීමට හා නායකත්වය දීමට ජනතා විමුක්ති පෙරමුණ නිරන්තරයෙන් සූදානම්ව සිටී.
තෛපොංගල් දිනය සමරන හින්දු බැතිමතුන්ට ජනතා විමුක්ති පෙරමුණේ සුබ පැතුම් එක් කරන අතරම වඩා යහපත් හෙටක් වෙනුවෙන් වන බලාපොරොත්තු ජය ගැනීමට පෙරමුණ ගන්නා ලෙසද ඉල්ලා සිටිමු.
සෝමවංශ අමරසිංහ
නායක
ජනතා විමුක්ති පෙරමුණ









