ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෛපොංගල් දින පණිවිඩය

හින්දු ලිතෙහි පළමු වැනි මාසය වන තායි මාසයේ ආරම්භය සනිටුහන් කෙරෙන තෛපොංගල් දිනය සියලූ ජනතාව අතර සාමයේ සහ මිත‍්‍රත්වයේ අලූත් දිවියක ආරම්භය සනිටුහන් කරන දිනයක් වේවා යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෛපොංගල් දින පණිවිඩයේ සදහන්ව ඇත.

ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

හින්දු ආගමිකයන්ගේ ජනපි‍්‍රයතම මංගල්‍ය වන මෙම තෛපොංගල් දිනයේදී ශ‍්‍රී ලාංකික හින්දු බැතිමතුන්ට උදා වන වසරේ සෞභාග්‍යල සාමය හා සතුට ප‍්‍රාර්ථනා කරමි.

ගොවි ජනතාවගේ සම්ප‍්‍රදායික කළ ගුණ සැළකීමේ මංගල්‍යයේදී තමන්ට නොමසුරු අස්වැන්නක් ලබා දීම වෙනුවෙන් හින්දු භක්තිකයෝ හිරු දෙවියන් හා ගොවිතැනට උපකාර කළ ගව මහීෂාදීන්ට ස්තුති කරමින් යාඥා කරති.

මෙම නිදහසේල සාමයේ ල ආදරයේ හා කරුණාවේ මංගල්‍යය පවුල් නැවත එකතුවීමටල මිතුරන් මුණගැසීමට හා භේද බින්න වූ නෑ හිතමිතුරන් අතර සංහිදියාවට ඉඩ ප‍්‍රස්ථා සපයයි. ශ‍්‍රී ලංකාව තම ජනතාවගේ ජීවිත සෞභාග්‍ය හා අභිවෘද්ධිය වෙත ගෙනයමින් සිටින හෙයින් රටෙහි නව සාමකාමී වාතාවරණයක් තුළ සහජීවනයෙන් සිටින සියළු ජන වර්ගයන්ගේ එකමුතු බවත්, සමාජ ඒකාබද්ධතාවක් ඇති කිරීමට තම අධිස්ඨානය නැවත දල්වන මෙන් මම හින්දු භක්තිකයන්ගෙන් සහ සියළු ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

තෛයිපොංගල් දිනය හින්දු ලිතේ පළවෙනි මාසය වන තායි මාසයේ ආරම්භය පමණක් නොව සියළු ජනතාව අතර සාමයේ මිත‍්‍රත්ත්වයේ ආරම්භය වේවායි මම ප‍්‍රාර්ථනා කරමි.

 

Facebook
Twitter
LinkedIn